සමාජය වෙනුවෙන් එක්වන්න
ප්‍රජා පදනම - සමාජ සේවයේ නව මාවතක්
සවිබල ගැන්වීම අපගේ ධාරිතාවයයි
අධ්‍යාපනය, සංචාරය, සහ සමාජ සේවය
ප්‍රජා සවිබල ගන්වමු
සෑම ප්‍රජාවකටම සාධාරණ අනාගතයක්
අප ගැන
අප ප්‍රජා බලගැන්වීමේ මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ විධිමත් ලෙසත් නීත්‍යානුකූලවත් ලියාපදිංචි වූ ජාතික තලයේ මහජන සංවිධානයකි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබාදෙන්නේ දිස්ත්‍රික් දෙකක දිසාපතිවරුන්ගේ නිර්දේශ සහිතව ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාෂණ වාර්තා ලබා ගෙන අදාල සංවිධානය පෙනී සිටින ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරකම්හි යෙදීමට එම සංවිධානයට ධාරිතාවක් තිබේද යන්න හොඳින් තහවුරු කර ගැනීමෙන් පසුවය. ඒ ආකාරයෙන් ලියාපදිංචි වූ සංවිධානයක් ශ්‍රී ලංකාව තුල ඉහළම මට්ටමේ නීත්‍යානුකූල පසුබිමක් සහිත ජාතික තලයේ මහජන ව්‍යාපාරයක් වශයෙන් හැඳින්විය හැකිය. අප සංවිධානය එවැනි නෛතික පසුබිමක් සහිත ජාතික තලයේ ජනතා ව්‍යාපාරයක් වශයෙන් හඳුන්වා දීමට කැමැත්තෙමු.
තේමා පාඨය
අධ්‍යාපනයෙන් බලගැන්වී සාමූහිකත්වයෙන් හා නිර්මාණශීලීව ලොව දිනමු
දැක්ම
අධ්‍යාපනය සහ සාමූහික සමාජ ක්‍රියාකාරකම් මගින් ආන්තික ජන කණ්ඩායම් බල ගන්වා සියලු අභියෝග හමුවේ නිර්මාණශීලී ප්‍රවේශයකින් ලෝකය දිනීම අපගේ දැක්ම වේ.
මෙහෙවර
නීති අධ්‍යාපනය ඇතුළු පුරවැසි අධ්‍යාපන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමත් සංචාරක කර්මාන්තය තුළ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ප්‍රජාව බලගැන්වීමත් යහපත් සංස්කෘතික, සමාජ, දේශපාලන, සහ ආර්ථික පරිසරයක් ගොඩනැංවීම උදෙසා පුරවැසි කණ්ඩායම් සමග සංවිධානාත්මකව සහ සාමූහිකව කටයුතු කිරීම අපගේ මෙහෙවර වේ.
අපගේ සේවාවන්
ප්‍රජා පදනම යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සේවා අංශ පහත දැක්වේ

ප්‍රජා කැම්පස්
පුරවැසි නීති අධ්‍යාපනයේ ලාංකීය සන්නාමය.

ප්‍රජා බලය
අධ්‍යාපනයෙන් බලගැන්වී සංවිධානාත්මකව ලොව දිනමු.

ප්‍රජා ට්‍රැවල්
සංචාරයට වඩා වැඩියමක්.

ප්‍රජා ඇසෝසියේට්
විධිමත් අතුරු නීති වෘත්තිකයන් බිහි කිරීම උදෙසා.

ප්‍රජා මැතිවරණ නිරීක්ෂණය
ලාංකීය මැතිවරණ නිරීක්ෂණයේ නූතනවාදී සම්ප්‍රදාය.